හිටපු යුද හමුදාපති හැමිල්ටන් වනසිංහ මහතාගේ පුත් සංජය වනසිංහ මහතා මේජර් ජනරාල් ධුරය දක්වා උසස් කර තිබේ.
ඔහුට අමතරව 57 වැනි සේනංකයේ සේනාංකාධිපති වශයෙන් කටයුතු කළ ඩී.ජී.එස්. සෙනරත්යාපා මහතාද මේජර් ජනරාල් ධුරයට උසස් කර තිබේ.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිර්දේශ මත 2020 ජුනි 02 දා සිට බලපැවැත්වන පරිදි මෙම උසස්වීම් සිදුකර තිබේ.
සංජය වනසිංහ මහතා යුද හමුදා සේවයට එක්වන්නේ සිය පියා වන හැමිල්ටන් වනසිංහ මහතා යුද හමුදාපති ලෙස කටයුතු කරන සමයේදීමය.
