හිටපු පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ සංසඳයක් පිහිටුවිමට ඉල්ලිමක්
හිටපු පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්තී‍්‍රවරුන්ගේ සංසදයක් බිහි කරන ලෙස හිටපු මන්තී‍්‍රවරුන් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණෙන් ඉල්ලීමක් කර තිබේ.
මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ සහ ඊට පෙර පාර්ලිමේන්තුව හා පළාත් සභාව නියෝජනය කළ වර්තමානයේ පාර්ලිමේන්තුව හෝ පළාත් සභාව නියෝජනය නොකරන මන්තී‍්‍රවරුන් නියෝජනය වන පරිදි මෙම සංසදය බිහි කරන ලෙස ඉල්ලීම ඉදිරිපත්ව ඇත.
පසුගියදා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ සහ පළාත් සභා මන්තී‍්‍රවරුන්ගේ රැස්විමක් බත්තරමුල්ලේ පිහිටි පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවැති අතර එහිදී මෙම යෝජනාව ඉදිරිපත් විය.
අත්දැකීම් බහුල හිටපු මන්තී‍්‍රවරුන්ගේ සහාය පක්ෂයේ උන්නතිය වෙනුවෙන් යොදා ගැනීමට හැකිවන බව එහිදී හිටපු මන්තී‍්‍රවරුන් පෙන්වා දුන්නේය.
කෂිනි හපුආරච්චි

popular news
-
dilal Friday, 12 July 2019 05:21 PM
මන්තිකම් නැතිවුනාට තව තියෙනවනේ තානාපතිකම් සංස්ථ සභාපතිකම් අද්‍යක්ෂ මණ්ඩල තනතුරු මුකුත්ම නැත්නම් උපදේසක තනතුරු.දැන්ම ඇහැ ගහගෙන ඉන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

