මැතිවරණවලදී සියලු ඡන්දදායයන් නොකැමකෙන තීන්ත භාවිත කිරීම මගින් උචිත ලකුණකින්ස ලකුණු කිරීම ගැන නීතිමය ප්‍රතිපාදන ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ජනපති අනුර කුමාර දිසානායක මහතා මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබේ. 2004 සිට පවත්වන ලද මැතිවරණවලදී ඡන්දය සලකුනු කිරීමට වලංගු හැඳුනුම්පතක් මගින් ස්වකීය අනන්‍යතාව තහවුරු කිරීම අනිවාර්ය කර තිබේ.
මේ අනුව එකම අරමුණක් වෙනුවෙන් ද්විත්වකාර්යයක් කිරීම හරහා ඡන්ද මධ්‍යස්ථානවල කාර්යක්ෂමතාවයට බාධා ඇතිවීම, රජයට අමතර වියදමක් දැරීමට සිදුවීම හේතුවෙන් මෙසේ මැතිවරණවදලී නොමැකෙන තීන්ත වලින් ඡන්ද දායකයා සලකුණු කිරීම අවසන් කිරීමට නියමිතය.

