අවුරුදු දෙකකට කලින් සාපෙළ ලියා A සාමාර්ථ නමයම අරගෙන
ගාල්ල මහින්ද විද්‍යාලයේ කේ.ඒ බිහදු බිනාල් සිසුවා 14 හැවිරිදි වියේ දි අ.පො.ස සාපෙළ විභාගයට (2025) පෙනි සිට විෂයයන් නමයටම A සමාර්ථ ලබාගෙන විශිෂ්ඨ අයුරින් සමත්ව ඇත. මෙම සිසුවා අ.පො.ස සාපෙළ විභාගයට පෙනිසිටියයුතු නියමිත කාලයට වඩා වසර දෙකකට පෙර විභාගයට පෙනිසිට මෙම විශිෂ්ඨ ප්‍රථිපලය ලබාගෙන ඇත.
කේ.ඒ බිහදු බිනාල් සිසුවා මහින්ද විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියදි 09 වසරේ දි පාසලෙන් ඉවත් වි පුද්ගලික අයදුම්කරුවකු ලෙස සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිට තිබේ. ඉගෙනිමට මෙන්ම පාසලේ බාහිර කටයුතුවලටද උපන් හපන්කම් දැක්වු බිහදු මාස හයක් වැනි කෙටිකාලයක් තුලදි සාමාන්‍ය පෙළ විභාගයට සුදානම් වි මෙම විශිෂ්ඨ ජයග්‍රහනය හිමිකරගෙන ඇත.
බිහදු බිනාල් සිසුවා සිව්දෙනෙකුගෙන් යුතු පවුලේ බාලයාය. නැතිනම් පවුලේ බඩ පිස්සාය. බිහදුගේ පියා වන කේ.ඒ චතුර ලක්මාල් (44) කළමනාකරණ සේවා නිලධාරිවරයකු වශයෙන් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලයේ සේවය කරයි. මව වන අනුෂා දිල්රුක්ෂි මහත්මිය ද කළමනාකරණ සේවා නිලධාරිවරියකි. වැඩිමහල් පුතු අ.පො.ස උසස්පෙළ හදාරණු ලබන අතර මෙවුන් ගාල්ල ගොඩකන්ද කජ්පුගස්වත්ත මැදපාරේ පදිංචිව සිටිති.
කේ.ඒ බිහදු බිනාල් සිසුවා සිය ජයග්‍රහණය පිළිබද අදහස් දක්වමින් අප සමග මෙසේ කිවේය.
මය ආශාවක් ඇතිවුනා අලුත් දෙයක් කරන්න. ඒ අනුව තමයි වසර දෙකකට කලින් සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටිමට මම තිරණය කළේ. ගාල්ල මහින්ද විද්‍යාලයේ තමයි පළමු වසරේ සිට ඉගෙනුම ලැබුවේ. ඇත්තටම මම අයියාගේ පොත් පත් කියෙව්වා. කියවිමට මම ගොඩක් කැමතියි. පාසලේ දි කථික තරගවලට මෙන්ම විවාද තරගවටලට ඉංශ්‍රිසි හා සිංහල භාෂා දිනවලට සහභාගිවුනා.
අට වසරේ දි තාත්තාට මම කිවා තාත්තේ මට නමය වසරේ දි අ.පො.ස සාපෙළ විභාගයට පෙනි ඉන්න ඕන කියලා. මාස හයක් ඇතුළත තමයි විභාගයට සුදානම් වුනේ. විභාගයට අයදුම්කරන කාලයේ දි පාසලෙන් ඉවත්වුනා . පුද්ගලික අයදුම්කරුවකු ලෙස .තමයි විභාගයට පෙනි සිටියේ . උපකාරක පංතිවලට ගියා. වැඩිවයෙන් ගියේ පුනරික්ෂණ පංතිවලට . ඔන්ලයින් හරහා පංතිවලටත් සම්බන්දවුනා. ඇත්තටම ලොකු කැපවිමක් කරලා තමයි මෙම ප්‍රථිපලය ලබාගත්තේ. මට ගොඩක් සතුටුයි. අ.පො.ස උසස්පෙළ විද්‍යා විෂය ධාරාවෙන් හදාරලා වෛද්‍යවරයකු විම තමයි මගේ බලාපොරොත්තුව බිහදු බිනාල් කිවේය.
පියා වන කේ.ඒ චතුර ලක්මාල් (44) මහතා තම පුතුගේ ජයග්‍රහණය පිළිබද කිවේ මෙවැනි කථාවකි
පුතා කුඩාකාලයේ සිටම ඉගෙනිමට දක්ෂයි. ලකුණු 169ක් ලබාගෙන ශිෂ්‍යත්ව විභාගයත් සමත්වුනා අටේ පංතියේ දි තමයි පුතා මට කිවේ නමය වසරේ දි සා.පෙළ විභාගය ලියන්න ඕන කියලා. මුලදි මම කැමතිවුනේ නැහැ. පුතාගේ බලකිරිම නිසා තමයි මම කැමතිවුනේ . පුතා වැඩිමහල් පුතාගේ පොත්පත් කියවිමට දැඩි රුචියක් දැක්වුවා. කියවිම නිසා තමයි පුතාට වසර දෙකකට කලින් සාමාන්‍ය පෙළ විභාගයට ලිවිමට ආශාවක් ඇතිවුනේ වයස අවුරුදු 14 දි ජාතික හැදුනුම්පත හදන්න බැරිනිසා විදේශ ගමන්බලපත්‍රයක් හදාගෙන තමයි විභාගයට පෙනි සිටියේ පුතාගේ ජයග්‍රහණය පිළිබද ගොඩක් සතුටුයි. චතුර ලක්මාල් කිවේය.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

