ශ්රී ලංකාවේ හත්වැනි විධායක ජනපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩ භාර ගැනීමේ අවස්ථාවට හිටපු ජනපති මෛත්රීපාල සිරිසේන මහතාද එක්විය.
මේ පිළිබඳව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබන ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ පසුගිය වසර කිහිපය තුළ මෛත්රීපාල සිරිසේන මහතා කළ සේවයට ගෞරවනීය ස්තූතිය ප්රකාශ කරන බවයි.
"අද උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිළ වශයෙන් මෙරට හත් වන ජනාධිපති වශයෙන් වැඩ භාරගත් වගයි. හිටපු ජනාධිපති අතිගරු මෛත්රීපාල සිරිසේන මැතිතුමාගේද සහභාගීත්වයෙන් මෙම අභිමානවත් අවස්ථාව සිදුවිය. පසුගිය වසර කිහිපය තුළ එතුමා කළ මෙහෙවරට මාගේ ගෞරවනීය ස්තූතිය පුද කරන්නටද, මෙය අවස්ථාවක් කර ගනිමි."
