හිටපු ජනපති මෛත්‍රී හෙට පාස්කු කොමිසම හමුවට
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව හමුවේ හෙට (05දා) සාක්ෂි ලබාදීමට නියමිතය.
ඒ අනුව හෙට පෙරවරු 10.00 ට පමණ කොමිසන් සභාව හමුවේ පෙනීසිටින ලෙස කොමිසන් සභාව පසුගිය සැප්තැම්බර් 22 දා සිරිසේන මහතාට නොතේසි නිකුත් කළේය .
අගෝස්තු මස 17 වන දින කොමිසන් සභාවේ පොලිස් ඒකකයට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට හිටපු ජනාධිපතිවරයාට දැනුම් දී තිබුණද, තමන්ට කොමිසන් සභාවට පැමිණීමට නොහැකි බවත්, අවශ්‍ය නම් සිය නිවසට පැමිණ ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙසත් ඔහු කොමිසන් සභාවට දන්වා තිබුණි .
ඒ අනුව පසුගිය අගෝස්තු මස 26 වන දින කොළඹ 7, මලලසේකර මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවෙසට ගොස් ඔහුගෙන් පැය දහයකට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන් කරගැනීමට කොමිසන් සභාවේ විමර්ශන නිලධාරීන් කටයුතු කර තිබුණි.
සිරිසේන මහතා හෙට (05දා) දිනයේ කොමිසන් සභාව හමුවට කැදවා ඇති අතර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අනිද්දා (06) දින කොමිසන් සභාව හමුවේ සාක්ෂි ලබාදීමට නියමිතව ඇත .

popular news
-
rocky Sunday, 04 October 2020 01:33 PM
methumaa wyawasthaawa ullanghanaya kala janaadhipathi keneku wu bawa kisiwekutath amathaka nowewaa!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

