හිටපු ජනපති මහින්දගෙන් නිවේදනයක්
අද (21දා) සිදු වූ පිපිරීම් සම්බන්ධව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් මෙසේ සඳහන් කරයි.

“කිතුනු බැතිමතුන්ගේ අති පූජනීය දිනයක් වන පාස්කු ඉරිදා දින සිදු වූ අවාසනාවන්ත ප්රහාරයන් මාලාව දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.
ම්ලේච්ඡ ත්රස්තවාදය නිමා කොට රටේ ආරක්ෂාව තහවුරු කර තිබියදී ජාතික ආරක්ෂාව වෙනුවෙන් කැපවී සිටින බුද්ධි අංශ නිලධාරීන්, ත්රිවිධ හමුදා නිලධාරීන් ඇතුළු ආරක්ෂක අංශ අඩපණ කිරීමේ අනිටු ප්රතිවිපාක විඳින්නට සිදුව ඇත්තේ අහිංසක ජනතාවටය. මෙවන් තත්ත්වයකට රට යළි ඇද දැමීම පිළිබඳ වත්මන් රජයට දැඩි ලෙස විරෝධය පළ කරන්නෙමු.
රටේ ඇති වෙමින් පවතින අනාරක්ෂිත තත්ත්වයෙන් රට මුදාගැනීමේ වගකීම රජය වහාම ඉටු කළ යුතු බවද අවධාරණය කරමින් ශෝකයට පත් කිතුනු පවුල්වලටත්, සමස්ත කිතුනු ජනතාවටත්, කම්පනයට පත්ව සිටින සියලුම ශ්රී ලාංකික ජනතාවටත් ශෝකය පළ කිරීමට මෙය අවස්ථාවක් කරගනිමින් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සමග ශෝකය බෙදා ගන්නෙමු.
මේ කනගාටුදායක අවස්ථාවේ ඉතාම සාමකාමීව කටයුතු කරන ලෙසත්, කුමන්ත්රණකාරීන්ගේ ක්රියාවලට හසු නොවන ලෙසත් සමස්ත ජනතාවගෙන් ඉල්ලීමට මෙය අවස්ථාවක් කරගනිමු. *
popular news
-
Champa Sunday, 21 April 2019 03:30 PM
මේක ආණ්ඩුවේ වැඩක්. මේකේ තියෙන ලක්ෂණ දිහෑ බලන්න. ආණ්ඩුව මින්ස්සු දම්මල කලින් තීරණය කරපු තැන් වල පාර්සල් බෝම්බ තියල කියන එක හොඳට තේරෙනවා. අනිත් එක ආණ්ඩුව ප්රතිචාර දක්වපු ඉක්මන. හොඳටම තේරෙනවා කලින් plan කරපු වැඩක් කියලා. එක පැත්තකින් කියනව මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයක්ද දන්නේ නැහැලු. අනිත් පැත්තෙන් කියනව බස් වල අරහේ මෙහෙ යනකොට පාර්සල් අරන් යන්න එපාලු. මේවා කලින් තැන් තැන් වල තියපු පාර්සල් බෝම්බ. බළලා මල්ලෙන් එලියට පැනල දන්නෙම නැතුව. මේගොල්ලන් චුට්ටක් විතර අනා ගත්ත පාර්සල් කතාවෙන්. අනිත් ප්රධානම කාරණේ ජනාධිපති රටේ නැති එක. නිකම් පුරුදු ගතියක් තියෙනවා වැඩේ. දැනගෙන මඟ ඇරිලා හිටිය. මේ පිපිරීම් ඔක්කොම අස්වාභාවිකයි. මිනීමරු යූඑන්පී ආණ්ඩු කවදාවත් මිනිස් ජීවිත ගැන සැලකිල්ලක් කලේ නැහැ.
Reply : 0 0
Wimal Sunday, 21 April 2019 03:31 PM
වෙර්ය් වෙර්ය් රචිස්ට් ස්ටටෙමෙන්ට්, Gotta war
Reply : 0 0
chathuri Sunday, 21 April 2019 04:23 PM
ඔබගේ. ආරක්ෂාවට ත්රිවිද හමුදාව. වහාම. ඉලන්න ජනාදිපති. වෙන්න. ඉන්න. නිසා , කට්ටියට හොඳයි. බලයට එන්න පාර කපාගන්න , මෙහි පිටුපස ඉන්න කෙනා ටිකකින් දන ගන්න පුළුවන්
Reply : 0 0
Priyantha Sunday, 21 April 2019 05:18 PM
මේ වෙලාවෙත් අහින්සකයන්ගෙ මලමිනී විකුනන් කාලා හරි බලයට එන්න හදන කාලකන්නි ඉන්නවා.මුන්ට රටම ලේ විලක් උනත් සැපයි බලයට එන්න තියනවනම්.මුන් වගේ මිනී කාක්කො තමා මැරිලා බල්ලො කපුටො වෙලා ඉපදෙන්නෙ.මිනිස්සුන්ගෙ සල්ලි හොරාකාපු කාලකන්නි දැන් බොරුවට කිඹුල් කදුලු හෙලනවා.
Reply : 1 0
witacheenatarakka De Nappoya Sunday, 21 April 2019 06:09 PM
අනේ පල යන්න !
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

