හිටපු ජනපති ප්‍රේමදාස මහතාගේ ගුණ සැමරේ
දිවංගත ජනාධිපති ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මහතාගේ 26 වැනි ගුණ සමරු උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) පෙරවරුවේ කොළඹ, අලුත්කඬේ රණසිංහ ප්‍රේමදාස පිළිරුව අභියස දී පැවැත්විණි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරු ජයසූරිය යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් ද හේමා ප්‍රේමදාස මැතිණිය ඇතුළු පවුලේ ඥාතීන්ද මීට එක්ව සිටියහ.
ජනාධිපතිතුමා ප්‍රේමදාස පිළිරුව අභියස මල් කළඹක් තැන්පත් කර පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරු ජයසූරිය යන මහත්වරුන් සහ හේමා ප්‍රේමදාස මැතිණිය, සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිස විසින් පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූහ.
කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක පූජ්‍ය ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටී අතර ජනාධිපතිතුමා විසින් මහානායක හිමිපාණන් වහන්සේ වෙත අටපිරිකර පූජා කිරිමද සිදු විය.




popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

