යුද අපරාධ චෝදනා යටතේ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක ජර්මනියේ ආරක්ෂක අංශ විසින් බදාදා (01දා) අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කොටි සංවිධානය විසින් අල්ලා ගත් ශ්‍රි ලංකා යුද හමුදා සාමාජිකයන් ඝාතනය කිරිමේ චෝදනා යටතේ සැකකරු අත්අඩගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකරු රඳවා ගෙන ඇති අතර මෙසේ අත්ඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 36ක් වන සිවතීබාන් බී. නම් පුද්ගලයෙකි.
යුද අපරාධ චෝදනා හා විදේශීය ත්‍රස්ත සංවිධානයක සාමාජිකත්වය දැරීමේ චෝදනා යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.