හික්කඩුව ප්රදේශයේ වෙඩි තැබීමකින් අද (22දා) උදෑසන පුදගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කරයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඉනාසි චමින්ද නමැති 30 හැවිරිදි මීටියාගොඩ පදිංචිකරුවෙකි.
ගාල්ල කොළඹ මාර්ගයේ වෑවල හන්දිය අසලදී පාපැදියකින් ගමන්ගත් මරණකරුට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුදගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඇති අතර වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ඔහු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
මියගිය අයගේ මෘත ශරීරය ආරච්චිකට්ටුව රෝහලේ තැන්පත් කර ඇති අතර හික්කඩුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.