හික්කඩුව තොටගමුව ප්‍රදේශයේ පදිංචි ධීවරයින් හත් දෙනෙකු රැගත් බහුදින ධිවර යාත්‍රාවක් දැනට සතියක කාලයක් තිස්සේ අතුරුදහන්වී ඇතැයි එම ධිවර යාත්‍රාවේ හිමිකරු වන හික්කඩුව තෙල්වත්තේ පදිංචි එම්. ඩබ්ලිව්. රොහාන් මනෝජ් මහතා කියයි.
මේ ධීවර යාත්‍රාවේ අතුරුදහන්වීම පිළිබඳව තමා මේ වන විට ධීවර අමාත්‍යංශයට හා නාවික හමුදාවට දන්වා ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසිය.
ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය සින්දුර් - බහුදින යාත්‍රාව මෙසේ මහ මුහුදේ අතුරුදහන්වී ඇතැයි කියයි.
එම බහුදින ධිවර යාත්‍රාව ජුනි මස 14 වැනිදා පස්වරු 1 .30 ට ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගොස් ඇති අතර ජුනි මස 29 වැනිදා පස්වරු 5 වන තෙක්ම ගොඩබිම සමග සම්බන්ධතා පවත්වා ඇත.
ඉන් පසු මේ වන තෙක් එම ධිවර යාත්‍රාව ගොඩබිම සමග සම්බන්ධ කර ගැනීමට නොහැකි වී තිබේ.
කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත
