කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානම සහ නිරෝධායන නිති රොගුලාසි ඇතුලත් ගැසට් පත්‍රය නිකුත් කිරිමත් සමග හැටන් නගරයේ සියලුම රාජ්‍ය ආයතන පෞද්ගලික ආයතන සහ පදිකයින් ගමන් ගන්නා පදික වේදිකාව විෂබිජහරණයට ලක් කිරිම අද (16) දින සිදු කෙරිණ.
හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ අධික්ෂණය යටතේ නගර සභාවේ සෞඛ්‍ය අංශ සේවකයින් විසින් මෙසේ විෂබිජහරණය සිදු කළහ.
අපොස උසස්පෙළ විභාගය පැවැත්වෙන විභාග මධ්‍යස්ථානද විභාගය පැවැත්විමෙන් අනතුරුව දිනපතා විෂබිජහරණයට ලක් කරන බවයි හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරින් කියා සිටියේ.
හැටන් නගර වෙළදසැල් තුල සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කිරිම එම වෙළදසැල් හිමියා විසින් දිනපතා සිදු කල යුතු අතර, එ පිළිබදව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශ විසින් අධික්ෂණය කරනු ලබයි.
