හස්ත කර්මාන්ත ශිල්පීන් මුහුණ දී තිබූ අඳුරු සහ අවාසනාවන්ත කාල පරිච්ඡේදය දැන් අවසන් බවත් ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් ඔවුන් ඉතාමත් පැහැබර, දීප්තිමත් අනාගතයකට රැගෙන යෑම රජයේ අරමුණ බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ පවසයි.
ශිල්ප Thursday ජාතික හස්ත කර්මාන්ත නිෂ්පාදන අලෙවිපොළ’ අද (16) දියත උයනේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ සුරතින් විවෘත වීමෙන් අනතුරුව පැවැති උත්සව සභාව අමතමින් ඒ මහතා මෙසේ පැවසීය.
එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ ඇමතිවරයා මෙසේ ද සඳහන් කළේය.
“කර්මාන්ත කැබිනට් අමාත්‍යාංශය යටතේ තිබෙන රාජ්‍ය අමාත්‍යාංශ තුනෙන් එකක් වන ප්‍රසන්න රණවීර රාජ්‍ය අමාත්‍යවරයාගේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය අමාත්‍යාංශය ඉතාම කැපවීමෙන් යුහුසුළුව තමන්ට පැවරුනු වගකීම නියමාකාරව ඉටුකරන බව මැනවින් පෙනෙන්නට තිබෙනවා. එතුමා මේ කෙටි කාලය ඇතුළත මෙම හස්ත කර්මාන්ත ශිල්පීන් සිටින ගම්මානවලට ගිහිල්ලා ශිල්පීන්ගේ තිබෙන දුක්ගැනවිලිවලට ඇහුම්කම් දීලා ඒවා නිරාකරණය කරලා, එතුමන්ට තනිව විසඳිය නොහැකි ගැටලු සම්බන්ධයෙන් කැබිනට් අමාත්‍යවරයා වශයෙන් අපෙනුත් උපදෙස් අරගෙන එම ගැටලු විසඳන්න ඉතා උනන්දුවෙන් කැපවීමෙන් ක්‍රියා කරනවා. ඒ නිසා ඉතාමත් කෙටි කාලයක් ඇතුළත ජාතික ශිල්ප සභාවේ මැදිහත්වීම මඟින් මේ ආකාරයේ ප්‍රදර්ශනයක් සංවිධානය කරලා ඒ අත්කම් නිර්මාණය කරන ශිල්පීන්ට තමන්ගේ නිෂ්පාදන ඍජුවම අලෙවි කර ගැනීම සඳහා නිශ්චිත වෙළෙඳපොළක් නිර්මාණය කර දෙන්න පුළුවන්කම ලැබිලා තියෙනවා.