හංවැල්ල, පහත්ගම ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ රාත්‍රී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.
මුහුනු ආවරණය කරන ලද හෙල්මට් පැළඳ පැමිණි තුවක්කරුවන් මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.
විජිත් ප්‍රේමලාල් නොහොත් සුමේද නම් හංවැල්ලේ පදිංචි ව්‍යාපාරිකයෙක් හා තවත් පුද්ගලයෙකුට මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.
ඝාතනය සිදුකිරිම හේතුව හා ඝාතනය කළ පුද්ගලයන් තවමත් හඳුනාගෙන නොමැති බව පොලීසිය පවසයි.