හලාවත දුම්රිය ස්ථානයෙන් කොළඹ බලා ගමන් ගත් බංගදෙනිය කාර්යාල දුම්රියට මගින් 8 දෙනෙකු පමණක් සිටි බව කියයි.
කොරෝනා තත්වය හමුවේ මාස දෙකකට ආසන්න කාලයක් සම්පුර්ණයෙන් නැවති තිබු දුම්රිය ගමනාගමනය අද (11 දා) උදෑසන 5.30 ට පිටත් විම සිදුව තිබුණි.
මෙම බංගදෙනිය කාර්යාල දුම්රිය සාමානයෙන් පුත්තලම දුම්රිය ස්ථානයෙන් පිටත් විම සිදුවන නමුත් කොරෝනා තත්වය හමුවේ හලාවත නගරයේ සිට 11 දින ගමන් කරවිමට දුම්රිය දෙපාර්තුමේන්තුව කටයුතු කර තිබුණි..
අනුමත දුම්රිය මගින් පිරිසක් පමණක් රැගෙන යාම සිදුකර තිබු අතර ඒ සඳහා හලාවත දුම්රිය ස්ථානයෙන් දුම්රියට අවසර ලැබි තිබුනේ මගින් 8 දෙනෙකුට පමනී.
දුම්රිය ගමන් කිරිමට ප්රථම යුධ හමුදාවේ විශේෂ පරික්ෂාවකින් පසුව මගින් ඇතුලත් කර ගැනිම සිදුවිය. ඒ සමගම දුම්රියට යුධ හමුදා ආරක්ෂාවද සපයා තිබුණි.