අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (24දා) රාත්රියේ හොරොයින් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් අනාවරණය කරගත් තොරතුරු මත අද දහවල් කාලයේදී ඔහු විසින් නිවසක සඟවා තිබූ හෙරොයින්, ගිනි අවි හා සජීවී පතොරම් තොගයක් සොයාගෙන තිබේ.
රත්ගම නිවසක තිබියදී ටී 56 ගිනි අවි දෙකක්,එම පතොරම් 82ක්, පිස්තෝල 2ක්, මිලි මීටර් 9 පතොරම් 39ක් හා හෙරොයින් කිලෝ ග්රෑම් 12ක් මෙසේ අත්ඩංගුවට ගෙන තිබේ.
සැකකරු අවුරුදු 53ක් වන තෙල්වත්ත ප්ර දේශයේ පදිංචිකරුවෙක් වෙන අතර මොහු සංවිධානාත්මක අපරාධ කල්ලියක සමීපතමයෙකු විසින් ඩුබායි සිට මෙහෙයවන බවට තොරතුරු වාර්තා වූ තිබේ.
ඔහු අම්බලන්ගොඩ හා රත්ගම ප්ර දේශවලට හෙරොයින් බෙදා හැර ඇති අතර සැකකරු දින 3ක රැඳවුම් නියෝග ලබාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදු පරීක්ෂණ සිදුකරයි.