හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් කොවිඩ් වසංගත ආසාදිත රෝගීන් බවට හඳුනාගත් දෙදෙනකු සමග සමීප සබඳතා පැවැත්වූ පවුල් 47 සාමාජිකයන් ස්වයං නිරෝධායනයට ලක්කර ඇතැයි කළුතර දිස්ත්‍රික් ප්‍රධාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා පැවසීය
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන හොරණ කඳන් හේන සහ ගුරුගොඩ පදිංචි සේවකයින් දෙදෙනෙකු ගේ සමීපතමයින් එලෙස නිරෝධායන ට ලක් කර ඇත
එම සේවකයන් දෙදෙනා පි සි ආර් පරීක්ෂණයට භාජනය කිරීමෙන් අනතුරුව කොවිඩ් වසංගත රෝගී තත්ත්වය වැළඳී ඇති බවට තහවුරු වීමෙන් අනතුරුව එම පවුල් 47 ස්වයං නිරෝධායනය ලක් කළ බව ඒ මහතා පැවසීය .
එම සෞඛ්‍ය තත්වය හමුවේ කළුතර දිස්ත්‍රික්කයේ සියලුම රෝහල් ,සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල මෙන්ම අනෙකුත් සෞඛ්‍ය සේවා ආයතන ඕනෑම අවස්ථාවකට මුහුණ දීම සඳහා සූදානමින් තබා ඇතැයි කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය .
සෞඛ්‍ය අංශ වලින් ලබාදී තිබෙන සෞඛ්‍ය උපදෙස් නියමාකාරයෙන් පිළිබඳ කොවිඩ් වසංගත තත්ත්වය පරාජය කිරීම සඳහා සහයෝගය දක්වන ලෙස කළුතර දිස්ත්‍රික් ජනතාවගෙන් ඉල්ලා සිටින බව වෛද්‍ය අධ්යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය