හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් නමැති මැලේරියා ඖෂධය කොවිඩ්-19 වෛරසය සුව කළ හැකි ඖෂධයක් ලෙස තමා දිනපතා ලබාගන්නා බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
මෙම ඖෂධයේ කාර්යක්ෂමතාව පිළිබඳව වෛද්‍ය විශේෂඥයන් සහ එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය පවා ප්‍රශ්න කරන අතරම, එයින් හානිකර අතුරු ආබාධ ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබියදීත් ඇමෙරිකානු නායකයා මෙම අදහස ප්‍රසිද්ධියේ ඉදිරිපත් කිරීම තවදුරටත් විවාදාත්මක තත්ත්වයක් උදාකර තිබේ.
හෝටල් විධායකයන්ගේ රැස්වීමකදී අදහස් දක්වමින් ට්‍රම්ප් කියා සිටියේ ධවල මන්දිරයේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබාගැනීමෙන් පසුව තමා මෙම ඖෂධය ලබා ගැනීමට පටන් ගත් බවයි.
"සති කිහිපයකට පෙර මම එය ගැනීමට පටන් ගත්තා" ට්‍රම්ප් පැවසීය. කෙසේ වෙතත් ඔහු පසුව පැවසුවේ සති එකහමාරක පටන් සෑම දිනකම එය ගන්නා බවයි.
කොරෝනා වෛරසය සඳහා ප්‍රතිකාරයක් ලෙස හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් ප්‍රවර්ධනය කිරීමට ට්‍රම්ප් දැරූ උත්සාහයේ මෙම පිළිගැනීම නාටකාකාර ලෙස වර්ධනය වූ අතර, වෛරසය ඇමෙරිකාව තුළ ව්‍යාප්තිය ආරම්භයේදීම එය ට්‍රම්ප් විසින් කරළියට රැගෙන ආවද වෛද්‍ය වෘත්තිකයන්ගේ විරෝධයට ලක්විය.
මැලේරියාව සහ වෙනත් තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහා මෙම ඖෂධය නියම කර ඇති හෙයින්, ට්‍රම්ප් එය ආරක්ෂිත යැයි පෙන්වා ඇති අතර, කොරෝනා වෛරස රෝගීන්ට එය අත්හදා බැලීමට යෝජනා කළේය.
නමුත් අවම වශයෙන් ඒ පිළිබඳව සිදුකළ එක් අධ්‍යයනයකින් හෝ මෙම ඖෂධය කොවිඩ් -19 ට එරෙහිව ක්‍රියාකරන බව සොයා නොගත් අතර, ඒ වෙනුවට ඉන් අතුරු ආබාධ ලෙස හෘදයාබාධ ඇතිවිය හැකි බව සඳහන් විය.
ට්‍රම්ප් මුලින්ම මෙම හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් ඖෂධය ගැන සඳහන් කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවේ ප්‍රබල දේශපාලනඥයෙකුද මෙම ඖෂධය සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් හා වෙනත් වෙළෙඳ නාමයකින් එන එම ඖෂධය භාවිත කිරීමේ යෝජනාවක් සිදුකළ අතර, එයද මෙරට වෛද්‍ය විශේෂඥයන්ගේ විවේචනයට ලක්විය.