හයිටි රාජ්‍යයට බලපෑ රික්ටර් පරිමාණ 7.2ක භූමිකම්පාවකින් මියගිය සංඛ්‍යාව අවම වශයෙන් 1,297ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, නිවර්තන කුණාටුව හේතුවෙන් ඇති විය හැකි ගංවතුරට පෙර සුන්බුන් අතර දිවි ගලවා ගත් අය සෙවීමේ සෝදිසි මෙහෙයුම් කඩිනම් කර ඇති බව වාර්තා වේ.
සෙනසුරාදා සිදු වූ භූමිකම්පාවෙන් කැරිබියන් දූපත්වලට අයත් හයිටි රාජ්‍යයේ අවම වශයෙන් පුද්ගලයින් 2,800ක් පමණ තුවාල ලැබූ අතර, දහස් ගණනක් විනාශ වූ හෝ හානි වූ නිවාස නිසා අවතැන් වූහ.
සමහර ප්‍රදේශවල භූකම්පනයෙන් දිවි ගලවා ගත් අයට ඔවුන්ගේ ඉතිරි වූ බඩු ටිකත් සමඟ වීදිවල හෝ පාපන්දු පිටියේ නවාතැන් ගැනීමට සිදු වූ අතර, රෝහල්වල ඉඩකඩ සීමිත වීම හේතුවෙන් තුවාල ලැබූවන්ට උපකාර කිරීම සඳහා සෞඛ්‍ය අංශ පොරබදමින් සිටියහ.
කෙසේ වෙතත් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවත්, පසුකම්පන සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බවත් ගලවාගැනීමේ මෙහෙයුම් සිදුකරන පිරිස් පවසති.