ප්‍රබල භූ කම්පනයකින් ජීවිත 2,000කට වඩා අහිමි වී සිටින හයිටි වැසියන් තමන් වෙත මානුෂීය ආධාර රැගෙන එන ට්‍රක් රථ කොල්ලකා ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙම ව්‍යසනයෙන් සතියකට වඩා කාලයක සිට ඔවුන් වෙත ආධාර ලැබීම ඉතා සෙමින් සිදුවීම නිසා මෙසේ ආධාර ට්‍රක් රථ කොල්ලකෑම සිදුවන බව සඳහන් වෙයි.
කෙසේ වෙතත් පසුගිය සෙනසුරාදා සිදුවූ රික්ටර් පරිමාණ 7.2ක භූමිකම්පාවෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ දුගී කැරිබියානු ජාතියේ දකුණුදිග කොටසේ දුෂ්කර ප්‍රදේශ වෙත ආධාර සැපයීමේ උත්සාහයට හානිවූ සහ ගමන් කළ නොහැකි මාර්ග බාධාවක් වී තිබේ. සිය ගණනක් තවමත් අතුරුදන් වී සිටියත්, මේ වනවිට තවමත් ජීවතුන් අතර සිටින පුද්ගලයින් සොයාගැනීමේ අපේක්ෂාවන් අඩුවෙමින් තිබේ.
එරට ක්‍රියාත්මක ආධාර ඒජන්සි පැවසුවේ සිකුරාදා දකුණුදිග ග්‍රාමීය ප්‍රදේශවලට ආහාර සහ ජලය ලබා දීමේදී ට්‍රක් රථ හතරකට ප්‍රදේශවාසීන් විසින් පහරදී ඒවා කොල්ලකා ඇති බවයි.