නිරිතදිග හයිටියට බලපෑ රික්ටර් පරිමාණ 7.2ක භූමිකම්පාව නිසා සිදුව ඇති මරණ සංඛ්‍යාව මේ වනවිට 1,419ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, තවත් 6,900කට වැඩි පිරිසක් තුවාල ලැබූ බව එරට සිවිල් ආරක්ෂණ ඒජන්සිය පවසයි.
සෙනසුරාදා අලුයම ඇති වූ ප්‍රබල භූමිකම්පාවෙන් නිවාස 37,000කට වැඩි ප්‍රමාණයක් විනාශ වීමෙන් බොහෝ දෙනෙකුට උන්හිටි තැන් අහිමිව ඇති බවද නිලධාරීහු පැවසූහ.