පසුගිය රජය සමයේ නව ගොඩනැගිලි ඉදිකිරිමේදී එම ප්‍රදේශවල සිටි අඩු ආදායම්ලාභී ජනතාව හමුදාව යොදවා මහපාරට ඇද දැමූ බවත් වත්මන් රජය බලයට පැමිණීමෙන් අනතුරුව එසේ හමුදාව හෝ පොලීසිය අනිසි ලෙස යොදා නොගත් බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.
නාගරික සහාධිපත්‍යය සංවර්ධකයන්ගේ සංගමයේ සමාරම්භක උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
“මීට පෙර පසුගිය වකවානුවේ අපේ රටේ අඩු ආදායම්ලාභීන් ඔවුන් ජීවත් වුණු ප්‍රදේශවලට හමුදාව රැගෙන ගොස් බලෙන් ඔවුන් මහපාරට ඇද දමා තමයි එම ස්ථානවල ගොඩනැගිලි හැදුවේ. අපේ ආණ්ඩුව පැමිණීමෙන් පසු එවැනි එකදු අවස්ථාවකවත් අපි එසේ බලය පාවිච්චි කර නැහැ. හමුදාව පාවිච්චි කරලා නැහැ. පොලිසිය පාවිච්චි කරලා නැහැ අපි. චම්පික රණවක මැතිතුමා සාකච්ඡා මාර්ගයෙන් තමයි උතුරු කොළඹ, මැද කොළඹ ආදී ප්‍රදේශවල ජීවත්වන අඩු ආදායම්ලාභී අපේ ජනතාවට, සාමාන්‍ය ජනතාවට ගේදොර ලබා දෙන්නේ.
එතුමන් හදන්නේ කුකුල් කූඩු නොවෙයි. ඒ කාලෙ නම් හැදුවේ එහෙමයි. දැන් එහෙම නෑ. සාමාන්‍ය පවුලකට ජීවත්වෙන්න පුළුවන් ගේදොර හදලා දෙනවා. මේ අවුරුද්ද ඉවර වෙනකොට හත්දහසක් හැටියටත්, ලබන වසර අවසන් වන විට විසි දහසක්, 2020 වෙනකොට විසිපන් දහසක් මහල් නිවාස හදලා අපේ නගරය සුන්දරවත් කරනවා. නගරය පමණක් නොවෙයි ඒ ජනතාවගේ ජීවිතයත් සුන්දරවත් වෙනවා “යැයි පැවසීය.
