යුද හමුදා කඳවුරු හෝ හමුදා පිරිස් බලය කිසිදු ආකාරයකින් අඩු නොකරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය.
අමාත්‍යවරයාගේ ප්රථීපාදන මඟින් ස්වයං රැකියා පුහුණු වැඩසටහන් ලාභීන් වෙත සහතික පත් හා ණය පහසුකම් ලබාදීමේ උත්සව අවස්ථාවට බියගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ඊයෙ (19දා) දින සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
“රටේ ආරක්ෂාවට කිසිම බලපෑමක් නෑ. හමුදාව අඩුකරන්නෙත් නෑ. කඳවුරු ඉවත් කරන්නෙත් නෑ. ආවා කණ්ඩායම කියන්නේ උතුරේ කල්ලියක්. පොලීසිය විසින් අවශ්‍ය කටයුතු කරන්ගෙන යනවා. දහතුන් දෙනෙක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කවදාවත් යුද හමුදාවට අහිතකර දෙයක් කරන්න අපි ඉඩ දෙන්නේ නෑ. හමුදාව ආරක්ෂා කරගෙන රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරගෙන ශක්තිමත් කරන එක තමයි අපේ අරමුණ”
