හමුදා කඳවුරු ඉවත් කරන ප්‍රකාශ අසත්‍යයි - SL ARMY
ජාතික ආරක්ෂාව ප්රමුඛත්වයෙහිලා සලකන වගකිව යුතු හමුදාවක් වශයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් කිසිදු හමුදා කඳවුරක් වසා දැමීමට කටයුතු නොකරන බව ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානය අවධාරණය කරයි.
එම මූලස්ථානය පෙන්වා දෙන්නේ රටේ ඉදිරි ගමන සාර්ථක කරගැනීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සිදුකරනු ලබන සේවා සැපයුම් පිළිබඳ ද්වේෂයෙන් පසුවන අවස්ථාවාදී දේශපාලඥයන් හා ඇතැම් ජනමාධ්‍ය ආයතන විසින් අසත්‍ය මෙන්ම ද්වේෂ සහගත ප්‍රචාර සිදුකරමින් සාමාන්‍ය ජනතාව තුළ යුද හමුදාව පිළිබඳ විශ්වාසය පලුදු කිරීමේ උත්සාහයක නිරතව සිටින බවයි.
යථායෝග්‍ය ප්‍රමාණකරණය කිරීම ශ්‍රී ලංකා යුද හමුදාව තුළ නිරන්තරයෙන් සිදුකළ කාර්යයක් බවට පෙන්වා දෙන මූලස්ථානය, යුද්ධය පැවති කාලසීමාවේදී මෙන්ම යුද්ධයෙන් පසුවද මීට ඉහතදී එය සිදුකර ඇති බවත්, එහිදී ප්‍රධාන වශයෙන් පාලනමය රාජකාරී සඳහා යොදවා සිටින භට පිරිස් ඉන් මුදවා වැඩි ප්‍රතිඵලයක් ලැබෙන පරිදි ක්ෂේත්‍ර රාජකාරීවලදී යෙදවීමක් සිදුවන අතර, ඒ හරහා යුද හමුදාවේ කාර්යක්ෂමතාව පවතිනවාට වඩා දෙගුණයකින් පමණ ඉහළ නංවා ගත හැකි බවත් සඳහන් කර සිටියි.
යුද හමුදා මූලස්ථානය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ, අදාළ ක්‍රියාවලිය මගින් මේ වනවිට පවත්වාගෙන යනු ලබන කිසිදු යුද හමුදා කඳවුරක් වසා නොදැමෙන අතර, එහිදී අදාළ කඳවුරුවල සිටින භට පිරිස් වැඩි ප්‍රමාණයක් හදිසි ආපදා තත්ත්වවලදී මෙන්ම ජාතිය ගොඩනැගීමේ කටයුතු සඳහාද කාර්යක්ෂමව යොදවා ගත හැකිවනු ඇති බවයි.

popular news
-
Champa Monday, 16 July 2018 05:30 PM
උතුරේම කඳවුරු කීයක් වැහුවද? මහජන විරෝධය තුට්ටුවකට ගණන් නොගෙන වහල් ආණ්ඩුව LTTE diaspora එකටයි TNA එකටයි දීපු පොරොන්දු ඉෂ්ඨ කළා උතුරු නැගනහිර කඳවුරු වහගෙන වහගෙන ගිහින්. දැන් යාපනේ කොටුවේ කඳවුරට කොච්චර බාධක විරෝධ තියෙනවද? දේශපාලකයෝ කියන්න ඕනේ නැහැ. මිනිස්සු දන්නවා සිද්ධ වෙන දේ. හමුදාපති වශයෙන් ඔබට කරන්න දෙයක් නැහැ. ආණ්ඩුව දෙන දේ කාල...... sorry sorry එහෙම කියන්න හොඳ නැහැ. මම කියන්න ගියේ ඔබට කරන්න දෙයක් නැහැ කියලා. ඊළඟ ජනාධිපතිවරණෙදී වහල් ආණ්ඩුව දෙමල චන්ද ටික බේරා ගන්න කරන දේවල් ඔබට නවත්තන්න බැහැ. විදේශ රටවලට, NGO INGO කාරයන්ට දීපු එක ප්‍රධාන පොරොන්දුවක් තමයි හමුදාව සංඛ්‍යාත්මක වශයෙන් අඩු කරනවා කියන එක. ඊළඟ චන්දෙට ඉස්සෙල්ල ඕක කරනවා.
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

