හැමිල්ටන් මසකඩ්සා අන්තර්ජාතික ක්‍රිකට් පිටියට සමුදෙයි
- 21 09 2019
- 00:36
- {{hitsCtrl.values.hits}} views
- ඕෂිත වරකාපිටිය
සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයෙකු වූ හැමිල්ටන් මසකඩ්සා අන්තර්ජාතික ක්‍රිකට් පිටියට සමුදුන්නේය. ඒ ඊයේ (20) ඇෆ්ගනිස්ථානය සමගින් පැවති පන්දුවාර 20 තරගයේදීය. 2001 වර්ෂයේදී අන්තර්ජාතික පිටියට පිවිසි මසකඩ්සා එක්දින තරග 209, පන්දුවාර 20 තරග 66 කට හා ටෙස්ට් තරග 38 කදී සිම්බාබ්වේ කණ්ඩායම නියෝජනය කොට ඇත. කෙසේ වෙතත් සිය සමුගැනීමේ තරගයේදී මසකඩ්සා ලකුනු 71 ක් වාර්තා කළ අතර එය සිය සමුගැනීමේ පන්දුවාර 20 තරගයකදී ක්‍රීඩකයෙකු වාර්තා කළ ඉහළම ලකුනු සංඛ්‍යාව විය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
