හෙම්මාතගම මන්ද මානසික තරුණිය දූෂණය කිරීමේ සිදුවීමේ සාක්ෂි සොයා ගැනීම මගහැරීම සම්බන්ධයෙන් හෙම්මාතගම පොලීසියේ නිලධාරීන් තිදෙනෙකු වැඩ තහනම් කළ බව පොලිස් මූලස්ථානය පවසයි.
එම පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ හා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වැඩ මෙසේ තහනම් කර තිබේ.
මෙම සිදුවීමට අදාළ පැමිණිල්ල ඊයේ රාත්‍රියේ ලැබී ඇතත් හෙම්මාතගම පොලීසිය විසින් ඒ පිළිබඳව නිසි විමර්ශනයක් සිදුකර නොමැත.
සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ උපදෙස් මත කෑගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරී විසින් මෙම වැඩතහනම සිදුකර තිබේ.