බදුල්ල පාලාවත්ත බෝධිරාජාරාමාධිපති ටිබේට් ජාතික සිකින් අමරජෝති හිමියන්ට අද (12) ගම්වැසියෙක් විසින් පහරදී මේ සිද්ධියක් නිසා මේ වන විට එම ගම්මානයේ උණුසුම් තත්වයක ඇතිවී තිබේ .
ගම්වැසියන්ට එක්ව පහරදීම සිදුකළ පුද්ගලයාගේ නිවසට ගල් මුල් ප්රහාරයන් එල්ලකොට නිවාසියන් නිවාසය තුළම හිරකොට විරෝධතාවය දක්වමින් සිටිති .
බදුල්ල පොලිසිය තත්වය පාලනය කිරීමට උත්සාහ කරමින් සිටී.
අමරජෝති හිමියෝ පාලාවත්ත හා අවට ගම්මාන දියුණු කරමින් ගම්වැසියන්ගේ නොමද ගෞරවය දිනාසිටින හිමි නමකි .
විහාස්ථානය අසල නිවාස කීපයකට අපජලය ගලායන ලෙස පහරදුන් පුද්ගලයා කානුවක් කපමින් සිටින විට ඊට විරුද්ධවීම නිසා මෙම හිමිනමට පහරදී ඇතැයි පොලිසිය සඳහන් කළේය .