හබරාදූව ප්රදේශයේ ගිනිගල හන්දිය අසලදී පිරිසක් විසින් අද (24දා) තියුණු ආයුධවලින් පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර ඇති බව හබරාදූව පොලීසිය සඳහන් කරයි.
මෙලෙස ඝාතන කොට ඇත්තේ හබරාදූව පදිංචි ලපක්ප්රිය අකලංක ලොකුපිටිය නමැති 24 හැවිරිදි තරුණයෙකි.
මරණකරු හබරාදූව ගිනිගල හන්දිය අසලදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී තවත් යතුරුපැදියකින් සහ ත්රිරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් තියුණු ආයුධ ප්රහාරයක් එල්ල කර ඇති බවත් පැරණි ආරවුලක් මත ඝාතනය සිදු කර ඇති බවත් පොලීසිය අනාවරණය කරගෙන ඇත.
සැකකරුවන් තිදෙනෙකු විසින් මෙම ඝාතනය සිදු කර ඇති අතර සැකකරුවන් සොයා හබරාදූව පොලීසිය මෙහෙයුම් සිදු කරයි.
