පොළොන්නරුව - හබරන ප්රධාන මාර්ගයේ මින්නේරිය පොලිස් වසමේ මුවන්පැලැස්ස ප්රදේශයේ දී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් 44දෙනෙකු තුවාල ලබා ඇතැයි මින්නේරිය පොලීසිය කියයි.
ලංගම බස් රථයක් හා පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර ලංගම බස් රථයේ රියදුරු මෙම අනතුරින් මියගොස් තිබේ.
ඊයේ (23දා) දින රාත්රියේ මෙම අනතුර සිදුව තිබේ. මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් සහ කොළඹ සිට කල්මුණේ බලා ධාවනය වෙමින් පැවති ලංගම බස්රථයක් මෙසේ අනතුරට ලක්ව ඇත.
තුවාලකරුවන් පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබේ. මින්නේරිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
හිඟුරක්ගොඩ පියතිලක