හබරණ ප්‍රදේශයේ අයුර්වේද සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස 09ක් වටලා ගණිකා සේවයේ යෙදුණු කන්තාවන් 31 දෙනෙකු අත්අඩංගුවට ගත් බව හබරණ පොලීසිය පවසයි.
කැකිරාව සහ හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණවලින් ලබාගත් සෝදිසි වරෙන්තු අනුව සති දෙකක් තුළ කළ වැටලීම්වලින් මෙම පිරිස අත්අඩංගුවට ගත් බවත් හතු පිපෙන්නාක් මෙන් එම ප්‍රදේශවල සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් ගණිකා මධ්‍යස්ථාන ආරම්භ කරන අතර එය ප්‍රෙදේශයේ යහපැවැත්මට හානි දායක බවත් හබරණ පොලිස් ස්ථානාධිපති වසන්ත පිටිගල මහතා පවසයි.
අත්අඩංගුවට ගත් පිරිස කැකිරාව හා හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කර තිබේ.

හබරණ - මදුශාන් වික්‍රමසිරි