හපුතලේ සභාපතිගේ ආදර්ශය
හපුතලේ ප්‍රාදේශීය සභාවේ සභාපති බී කන්දසාමි කන්නා මහතා මේ දිනවල කසළ ලොරියෙන් ගොස් නගරවල කසළ එකතු කිරීමේ කටයුතු සිදුකරමින් පවතී.
සභාවේ කසළ ලොරියේ රියදුරු, සනීපාරක්ෂක කම්කරුවන් ඇතුළු සේවකයින් හත් දෙනකුට කොරෝනා ආසාදනය වීමත් සමග කසළ ලොරිය පැදවීමට රියදුරන් නොමැතිවීම නිසා කසළ එකතු කිරීමේ කටයුතු අඛණ්ඩව සිදු කිරීමට මෙම පියවර ගෙන තිබේ.
“හපුතලේ ප්‍රාදේශීය සභා සේවකයින් කොරෝනා ආසාදිත වීමත් සමඟ ආසාදිතයින්ගේ සමීපතම ආශ්‍රිතයින් නිරෝධායන කර තිබෙනවා.
ඒ නිසා දෛනිකව කසළ එකතු කිරීම සඳහා යොදවා සිටි පිරිස සේවයට කැඳවීමට නොහැකි බැවින් මම ඒ දේ කරනවා” යැයි සභාපතිවරයා පැවසීය.
එසේම අවම සේවක සහභාගිත්වයෙන් කාර්යාලයීය කටයුතු ද සෞඛ්‍ය සෞඛ්‍ය මාර්ග උපදේශ වලට අනුකූලව කිසිදු බාධාවකින් තොරව ජනතාව වෙනුවෙන් කරගෙන යන බවද සභාපතිවරයා පැවසීය.
හල්දුම්මුල්ල එස් පී නානායක්කාර

popular news
-
අතුල Wednesday, 19 May 2021 01:22 PM
Great example to others..good job we need more n more m, chairmans like you..
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

