හේනානිගල ආදිවාසි ජනතාවට ජිවත් විමට කිසිදු ආදායමක් නොමැතිකම නිසා කැද බිමටවත් හාල් ගන්න මී පැණි රැගෙන අලෙවි කර ගැනිමට පොළොන්නරුවට පැමිණි බව හේනානිගල ආදිවාසි නායක ඌරුවරිගේ මුතු බණ්ඩා කියයි.
ආදිවාසි නායකයා කියා සිටියේ මෙවැන්නකි,
එදා අපි කැලේට ගිහිල්ලා දඩයමක් කරගෙන හේනක් කරගෙන ජිවත් වුණා. අද අපිට කැලේට යන්න දෙන්නේ නැ. හේනක් කරන්න දෙන්නේ නැ. ජිවත් වෙන්න විදියක් නැ. අපි සත්තු මැරුවේ විකුණන්න නෙවේ. අපේ වුවමනාවට විතරයි.
අද අපිට කැලේට යන්න එපා දේශපාලන මහ හුරෝ සහ වනජිවි හුරෝ කැලෑ කපනවා සත්තු මරනවා ඉවරයක් නැ. අපි කැලේට ගියොත් උසාවි අරන් ගිහින් දඩ ගහනවා. මේ නිසා දැන් අපේ ගම්මානවල කැකුඵ කැකුලියෝ කවුරුත් නැ. ඒ අට ඔක්කෝම කොළඹ රස්සා හොයාගෙන ගිහිල්ලා . වයසක අය විතරයි ගමේ ඉන්නේ. ගමෙන් පිට ගියපු කැකුලියො කැකුලෝ බැදලා වෙනත් පළාත් වලට ගිහිල්ලා ඒ අය වැද්දෝ කියලා දැනගයි කියලා ගමට අම්මා තාත්තා බලන්න එන්නේත් නැ. ඒ නිසා අපට දැන් ජිවත් වෙන්න විදියක් රජයෙන්වත් අපිට කිසිම සහනයක් නැ. වහින්නේ නැතුව හේන කරන්නත් බැ.
බඩගින්නේ මැරෙන්න බැරි නිසා බැරිම තැන තමයි මේ මී පැණි ටිකක් බැරි බැරි ගානේ කැලේ ගිහින් මී වදයක් කඩලා පැණි ටිකක් අරගෙන පොළොන්නරු ආවේ කැද බොන්න හරි හාල් ටිකක් ගන්න සල්ලි කියක් හරි හොයා ගන්න.
එකටත් එන්න යන්න විතරක් රුපියල් 400ක් විතර යනවා. මේ රටේ මුල් අයිතිකාරයෝ වෙච්ච අපට දැන් ජිවත් වෙන්න විදිහක් නැ. අපි ලෝකේ වෙනස් වුණාට මිනිස්සු වෙනස් වුණාට අපි අපේ වර්ගයා පාවලා දෙන්නෙත් නැ. අපි මැරෙන තුරා මේ විදියටම ඉන්නවා යැයි පැවැසු අතර තම ආදිවාසින්ට ජිවත් විය හැකි පරිසරයක් හදලා දෙන්න කියලා මහ උන්ගෙන් ඉල්ලා සිටිනවා යැයි ඔහු වැඩිදුරටත් ප්රකාශ කළේය.
හිඟුරක්ගොඩ - ඩබ්.පියතිලක