බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන තවදුරටත් හුදකලා කර ඇති වතු 04 කින් කොවිඩ් 19 වෛරසය අසාදනය වු නව අසාදිතයන් 51 දෙනෙකු (11) දින හදුනාගත් බවත්, එම අසාදිතයන් වැඩි පිරිසක් එකම පවුලේ සමාජිකයන් බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසිය.
බගවන්තලාව වත්ත ඉහල කොටසින් අසාදිතයන් 28 ක් , හැටන්ඇන්ෆිල්ඩ් වතු යායෙන් අසාදිතයන් 11 දෙනෙක් ,බගවන්තලාව බ්‍රිඩ්වෙල් වතු යායෙන් ආසාදිතයන් 08 දෙනෙක් , ඉන්වරි වතු යායෙන් 03 ක් සහ බටල්ගල වතු යායෙන් 01 අසාදිතයෙක් වශයෙන් හමු වු බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කියා සිටියේ.
බගවන්තලාව වත්ත ඉහල කොටසේ සහ හැටන් ඇන්ෆිල්ඩ් වත්තේ හමු වු අසාදිතයන් එකම පවුලේ සමාජිකයන් බවත්,පෙර අසාදිතයන්ගේ ආශ්‍රිතයන් වු නව අසාදිතයන් ස්වයං නිරෝධානයට යොමු කර සිදු කරන ලද පි.සි.ආර් පරික්ෂණය අනුව නව අසාදිතයන් හදුනාගත් බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කියා සිටියේ.
බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් මේ වන විට අසාදිතයන් 716 දෙනෙකු හමු වි ඇති බවත්, කොවිඩ් මරණ 18 ක් සිදු වි ඇති බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් වැඩිදුරටත් කියා සිටියේ.