හත්මස් වියැති බිළිදාගේ ගෙල සිරකර මව ගෙල වැළලා ගනියි
දිඹුල -පතන පොලිස් වසමට අයත් රොසිටා ප්රදේශයේ පදිංචි තරුණ මවක් අද (27) අළුයම තම හත්මස් වියැති සිඟිති පුතුගේ ගෙල වයරයකින් සිර කර ඝාතනය කර ඇය නිවස අසල පිහිටි පේර ගසක එල්ලී සියදිවි නසාගෙන ඇති බව දිඹුල- පතන පොලිස්ථානාධිපති පොලිස් පරික්ෂක එස්.කේ.පී.සුභසිංහ මහතා පැවසිය.
මෙසේ මිය ගොස් ඇත්තේ, කිට්නසිමි නිත්යකළ්යාණි නැමති විසිහය හැවිරිදි විවාහක කාන්තාවක් හා සන්දීප් අස්වින්තන් නැමති මාස හතක් වයසැති පිරිමි දරුවෙකි.
පවුල් ආරවුලක් හේතුවෙන් අද අළුයම් කාලයේ මෙම කාන්තාව නිවසින් පිටතට පැමිණ තම දරුවාද ඝාතනය කර සියදිවි නසාගෙන ඇති බව මූලික පරීක්ෂණ වලදී අනාවරණය වූ බව දිඹුල-පතන පොලීසිය පවසයි.
මෙම මරණ සම්බන්ධව මහේස්ත්රාත් පරීක්ෂණය අද (27) දහවල් හැටන් මහේත්රාත්වරයා විසින් පැවත් වීමට නියමිතය.
මස්කෙළිය - ගාමිණි බණ්ඩාර

popular news
-
janahitha Sunday, 27 January 2019 02:01 PM
මෙය මිනි මැරුමක් බව පැහැදිලිවම කිව නොහැකි නමුත් කරුණු සාදක ඇත
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
