පයාගල පොලිස් වසමේ මැහිමුල්ල ප්රදේශයේ හෝටලයක සඟවා තිබු ටී.කටස් වර්ගයේ ගිනිඅවියක් සහ කඩු දෙකක් සමග පුද්ගලයන් දෙදෙනෙකු කළුතර කොට්ඨාස නොවිසඳුණු අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අත් අඩංගුවට ගෙන ඇත.
කළුතර කොට්ඨාස නොවිසඳුණු අපරාධ කොට්ඨාසයට ලැබුණු තොරතුරක් අනුව සිදුකල වැටලීමකදී මෙම අවි සහ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.
අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් මීට පෙර කපා කොටා සිදුකල අපරාධ පිළිබඳව අධිකරණයේ නඩු විභාග වෙමින් පවතින බව පොලිස් පරීක්ෂනයෙදී හෙළිවී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කිසියම් පාතාල කල්ලියකට සම්බන්ධ දැයි වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙන අතර එම සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට පයාගල පොලිසියට බාරදී ඇත.
කළුතර කොට්ඨාස නොවිසඳුණු අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිලංග සංජීව ඇතුළු නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.