ඔස්ට්‍රේලියාවේ හිටපු රග්බි ක්‍රීඩකයෙකු සහ ලෝක කුසලාන රග්බි තරගාවලි ජයග්‍රාහකයෙකු වූ ටූටයි කෙෆු සහ ඔහුගේ පවුලේ අයට බ්‍රිස්බේන් නුවට පිහිටි සිය නිවසටම පැමිණ පහරදීමක් සිදුකර ඇති බව විදෙස් වාර්තා පවසයි.
බ්‍රිස්බේන්හි ප්‍රාදේශීය අපරාධ හා බුද්ධි සම්බන්ධීකරණ රහස් පරීක්ෂක ටෝනි ෆ්ලෙමින් මාධ්‍ය හමුවකදී තහවුරු කළේ "සොරකමක් සඳහා පැමිණි පිරිසක් සොරකම වැරදීමෙන්" කේෆු සහ ඔහුගේ පවුලේ අයට බරපතල තුවාල සිදුකර ඇති බවයි.
ඔවුන් සියලු දෙනා පසුව රෝහල්ගත කර ඇති අතර, කෙෆුගේ උදරයේ ඉතා බරපතල තුවාල නිසා පසුව ශල්‍යකර්මයකට භාජනය වූ බවද ෆ්ලෙමින් පැවසීය. එහිදී ඔහුගේ මූලික තත්ත්වය අසාධ්‍ය නමුත් ජීවත් වීමට බලාපොරොත්තු තැබිය හැකි බවද මෙතෙම සඳහන් කළේය.
කෙෆුගේ බිරිඳගේ දෑත්වලට ඉතා බරපතල තුවාල සිදුවී ඇති අතර, ඔහුගේ 21 හැවිරිදි පුතාගේ අතට සහ පිටුපසට තුවාල සිදුවී ඇත. එමෙන්ම ඔහුගේ 18 හැවිරිදි දියණියගේ අත්වලට තුවාල සිදුව ඇති බව ෆ්ලෙමින් පැවසීය.
කේෆු සහ ඔහුගේ පවුලේ අය රාත්‍රී කාලයේදී තම නිවසේ ඇසුණු ශබ්දවලින් අවදි වී ඇති අතර, පසුව සොරකම සඳහා පැමිණි පිරිස නිවසේ වූ මෝටර් රථවල යතුරු ලබාදෙන ලෙස තර්ජනය කර තිබේ.
ක්වීන්ස්ලන්ත පොලිසිය පවසන්නේ පුද්ගලයින් 4 දෙනෙකු සොරකම සඳහා පැමිණ ඇති බවයි. 47 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, 46 හැවිරිදි කාන්තාවක්, 21 හැවිරිදි පිරිමියෙකු සහ තවත් 18 හැවිරිදි පුද්ගලයෙකු අලුයම 3.00ට පමණ මෙසේ පැමිණ ඇත.
අසල්වාසීන් එක් සොරෙකු අල්ලාගෙන ඇති අතර, ඔහු පිහියකින් සන්නද්ධව සිට ඇත. ඔවුන් මෙම සොරකම සිදුකිරීම සඳහා පොරොවක් ඇතුළු පිහි රැගෙන පැමිණ ඇති අතර, සොරකම වැරදීමෙන් පසුව මෙම පහරදීම සිදුකර තිබේ.