බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ඩි සිල්වාට චීනයේ කොරෝනා මර්දන එන්නතෙහි පළමු වැනි මාත්‍රාව ඊයේ (13දා) සාඕ පවුලෝ නගරයට ආසන්නයේ පිහිටි සාඕ බර්නාඩෝ ඩූ කැම්පෝහිදී ලබාදී තිබේ.
එන්නත ලබාගැනීමෙන් පසුව ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ, "කෝපාවිෂ්ට වසංගතය හමුවේ එක්රැස් වීම්වලින් වළකින්න" යනුවෙනි.
"සෑම කෙනෙකුටම එන්නත් ලබාදෙන්නේ නම් මා වඩාත් සතුටට පත්වෙනවා" යැයි සමාජ මාධ්‍ය ඔස්සේ විකාශය කළ වීඩියෝ පටයක හිටපු නායකයා සඳහන් කළේය.
කොවිඩ්-19 වසංගතයෙන් පීඩාවට පත් දෙවැනි රට බවට බ්‍රසීලය දැන් පත්ව සිටින අතර, රට තුළ මරණ 277,102ක් සහ ආසාදිතයන් 11,439,558ක් වාර්තා වී තිබේ.