1970 දශකයේ මුල් භාගයේ යුරෝපීය ඒකාබද්ධතාවයේ ප්‍රධාන සැලසුම් ශිල්පියා වූ හිටපු ප්‍රංශ ජනාධිපති වැලරි ගිස්කාර්ඩ් ඩි එස්ටේං, කොවිඩ්-19 වෛරසයට ගොදුරු වීමෙන් වයස අවුරුදු 94 දී අභාවයට පත්ව තිබේ.
1974 සිට 1981 දක්වා ප්‍රංශයේ නායකයා ලෙස කටයුතු කළ ගිස්කාර්ඩ් මුලින්ම සැප්තැම්බර් මාසයේදී ශ්වසන සංකූලතා හේතුවෙන් බටහිර ප්‍රංශයේ ටුවර්ස් හි රෝහල්ගත ගතකර තිබුණි. එවර පැවති අසනීප තත්ත්වයන් සුවවූ ඔහු යළිත් නොවැම්බර් මාසයේදීද රෝහල්ගත කෙරෙණි. කෙසේ වෙතත් ඔහු වෛරසය සමග ඇති වූ සංකූලතා හේතුවෙන් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති බව ඔහුගේ පදනම නිවේදනයක් නිකුත් කරමින් කියයි.
ගිස්කාර්ඩ් ජනාධිපති ධුරය දැරූ කාලය තුළ ප්‍රංශ සමාජය නවීකරණය කළ පුද්ගලයා ලෙස ඔහුව හඳුන්වයි. අන්‍යෝන්‍ය එකඟතාවයෙන් දික්කසාද වීමට අවසරදීම සහ ගබ්සාව නීතිගත කිරීම ඇතුළුව යුරෝපීය ඒකාබද්ධතාවයේ නිර්මාතෘවරයා ලෙස ඔහු ප්රකටය.
ප්‍රංශය දීර්ඝ කාලයක් පාලනය කළ චාල්ස් ඩි ගෝල්ගේ පාලන කාලයෙන් පසුව 48 වැනි ජනාධිපතිවරයා ලෙස පත්වූ ගිස්කාර්ඩ් වෙත අධිවේගී TGV දුම්රිය ජාලය ඇතුළු ප්‍රධාන ව්‍යාපෘති දියත් කිරීමේ ගෞරවයද හිමි විය.
කෙසේ වෙතත්, 1970 ගණන්වල ගෝලීය ආර්ථික පසුබෑමෙන් ඉක්බිතිව ඔහුට නැවත තේරී පත්වීමේ උත්සාහය සමාජවාදී ප්රංශුවා මිතරන්ඩ් නිසා අහිමි විය.