හිටපු කථානායක කරු ජයසුරිය මහතා විසින් තමා වෙත ලබාදී තිබු නිල වාහන, කාර්යාල හා නිල නිවාස පහසුකම් යන සියල්ල පාර්ලිමේන්තුව විසිර වු වහාම ආපසු භාරදී ඇති බව ඔහුගේ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
එසේම රජය විසින් මාර්තු මස ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවක් මගින් හිටපු කථානායක ඇතුළු පාර්ශ්ව කිහිපයකට නිල රථ හා නිල නිවාස මැතිවරණය නිමා වනතුරු පරිහරණය කිරිමට ක්‍රමවේදයක් සකස් කර ඇති බවට ජනමාධ්‍ය මඟින් කරුණු අනාවරණය කර තිබුණත් එම කැබිනට් පත්‍රිකාවට අනුව හිමිවන වරප්‍රසාද කිසිදු අයුරකින් ලබාගැනීමට ඔහු අපේක්ෂා නොකරන බවද එම මාධ්‍ය ඒකකය වැඩිදුරටත් පවසයි.