ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන සැලසුමට සම්බන්ධ බව කියන ත්රස්ත්රවාදී විමර්ශන කොට්ඨාසය භාරව සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ ඉන්දියානු ජාතිකයා නඩු විභාගය අවසන් වන තෙක් රිමාන්ඞ් භාරයේ රදවා තැබීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියම කළේය.
මෙම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කොට ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බව අවධාරණය කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් නඩු විභාගය අවසන් වන තෙක් රිමාන්ඞ් භාරයේ රදවා තැබීමට නියම කළේය.
මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල කැ`දවනු ලැබු අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ප්‍රභූවරුන් පිරිසක ඝාතන සැලසුමක් සිදුකරන ලදැයි කියන සිද්ධියට අදාළ පැමිණිල්ල කදවනු ලැබු අවස්ථාවෙදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රහස් පොලිස් නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණ ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළේය.
සිද්ධියට අදාළව වැඩිදුර පරීක්ෂණ සිදුකරන හෙයින් සැකකරුවන් තවදුරටත් රිමාන්ඞ් බාරයේ ර`දවා තැබීමට නියම කරන්නැයි ඉල්ලීමක්ද කළේය.
මෙම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කොට ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීම පනතේ 7 :2 වැනි වගන්තිය යටතේ වන හෙයින් සැකකරුවන්ට ඇප නියම කිරීමට මෙම අධිකරණයට බලයක් නැති බව තීරණය කරමින් සැකකරුවන්ගේ නීතීඥවරුන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහෙස්ත්‍රාත්වරයා නඩු විභාගය අවසන් වනතුරු සැකකරුවන් රිමාන්ඞ් භාරයේ රදවා තැබීමට නියම කළේය.
ඉදිරිපත් වු කරුණු සැලකිල්ලට ගනිමින් සිද්ධියට අදාළව සිදුකළ පරීක්ෂණ වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ලබන වසරේ ජනවාරී මස 02 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස රහස් පොලීසියට නියම කළේය.
මනෝප්රිය ගුණසේකර