හැටන් දික්ඔය නගර සභා සිමාව තුල (19) දින කොවිඩ් 19 වෛරසය අසාදනය වු නව අසාදිතයන් 24 දෙනෙකු හදුනාගත් බවත්, අසාදිතයන් අතර එකම පවුලේ අසාදිතයන් 08 දෙනෙකු සිටින බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.
පෙර අසාදිතයන්ගේ ළගම ආශ්‍රිතයන් 39 දෙනෙකු ඉකුත් (17) දින පි.සි.ආර් පරික්ෂණයට භාජනය කල බවත්,එම පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව නව අසාදිතයන් 24 දෙනා හදුනාගත් බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.
හැටන් ගාමිණිපුර අසාදිතයන් 11, මෙන්ඩිස් මාවත 05, විල්ප්‍රඩ්පුර 04, දික්ඔය 03, ආරියගම 01 වශයෙන් අසාදිතයන් හමු වි ඇත.
හැටන් ගාමිණිපුර අසාදිතයන් 11 දෙනා අතර එකම පවුලේ 08 දෙනා සිටින බවත්,අසාදිතයන් 24 දෙනාගේ ළගම ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කිරිමට පියවර ගත් බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.