වනජීවී දෙපාර්තමේන්තුව මගින් පාලනය වන හෝර්ටන් තැන්න නැරඹීමට ඉතිහාසයේ දෙස් විදෙස් සංචාරකයන් වැඩිම ප්‍රමාණයක් පැමිණ ඇත්තේ පසුගිය දෙසැම්බර් 29 දින බවත් එදින රුපියල් ලක්ෂ විසිනවයක ඉතිහාසගත ආදායමක් උපයා ගත හැකි වූ බව උද්‍යාන භාරකරු ජී.කේ.පී.එම්. ප්‍රදීප් කුමාර මහතා පවසයි.
‘‘මහඑළිය’’ යන නමින්ද හැදින්වෙන හෝර්ටන්තැන්න ජෛව විවිධත්වය අතින් සහ පුරා විද්‍යාත්මක අතින් සුවිශේෂි වනාන්තරයකි. ලංකාවේ තෙත් කලාපයේ පිහිටි එකම ජාතික උද්‍යානය හෝර්ටන් තැන්න උද්‍යානයයි. ලංකාවේ උසම තැනිතලා භූමිය වන්නේ ද මෙයයි. මීටර් 1200-2300ත් අතර ප්‍රමාණයේ උසින් යුක්තය.
තෘණ භූමි සහ වගුරු බිම්, ගංගාධර ජලජ පරිසර පද්ධතියකින් හෙබි හෝටන්තැන්න හෙක්ටයාර් 3120කින් යුතුය. මධ්‍යම පළාතට අයත් හෝර්ටන් තැන්න නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත්ය. ‘‘ලෝකාන්තය’’ ද පිහිට ඇත්තේ හෝර්ටන් තැන්නේ ය.
අජිත්ලාල් ශාන්තඋදය