හැටන් ඇතුළු කඳුකරයේ ධාවනය කෙරෙන පුද්ගලික බස් රථ වල රියදුරු හා කොන්දොස්තරවරුන් විසින් සෞඛ්‍ය අංශ විසින් කරන ලද දැනුවත් කිරිම පසෙකලා අධික ලෙස මගින් පටවා ගනිමින් සෞඛ්යාරක්ෂිත නොවන අයුරින් කටයුතු කරමින් සිටින අයුරු දැක ගත හැකිය.
විශේෂයෙන්ම ආසන 26ක බස් රථයක මගින් 14ක් හා ආසන 54ක බස්රථයක මගින් 27ක් වැනි ප්‍රමාණයක් ප්‍රවාහනය කරන ලෙස සෞඛ්‍ය අංශ මගින් උපදෙස් ලබා දී තිබුණද ආසන 26ක බස් රථයක මගින් 40ක්, 50ක් වැනි ප්‍රමාණයක් ප්‍රවාහනය කරන අයුරුද දක්නට ලැබිණි.
බගවන්තලාව,මස්කෙළිය,සාංචිමලේ,සලංකන්ද,සාමිමලේ,ඔස්බොන්, නෝටන්බ්‍රීජ්, හා ඇබොස්ලි යන ප්‍රදේශවල සිට පැමිණෙන බස්රථ අධික ලෙස මගින් පටවාගෙන පැමිණ දික්ඔය මාර්ගයේ හැටන් බස්නැවතුම්පොළට කිලෝමීටර් එකක් පමණ දුරින් අලුත්ගම ප්‍රදේශයේ දී වැඩිපුර ගෙන ආ මගීන් බස්රථ වලින් බස්සවාලීමට කටයුතු කරන අයුරුද දැකගත හැකිය. එහිදී හැටන් නගරයට තවත් කිලෝමීටරටක් පමණ පාගමනින් ගමන් කිරීමට සිදුවීම හේතුවෙන් මගි ජනතාවද දැඩි අපහසුතාවයට පත්ව සිටිති.
තලවාකැලේ හා ගිනිගත්හේන දෙසින් පැමිණෙන බස්රථ වැඩිපුර ගෙන ආ මගින් මල්ලිඅප්පුව ප්‍රදේශයේ දී බැස්සවිම සිදු කරති.
මේ සම්බන්ධයෙන් හැටන් පොලීසිය විසින් අද ( 12) වනදා පෙරවරුවේ විශේෂ පරික්ෂාවකට ලක්කර රියදුරන්ට කොදොස්තරවරුන්ට විශේෂයෙන් අවවාද හා උපදෙස් දීම සිදු කළ අතර බස්රථ වල දෑත් පිරිසිදු කිරිම සදහා පහසුකම් සලසා තිබීම සම්බන්ධයෙන් ද සොයා බලන ලදී.
මස්කෙළිය - ගාමිණි බණ්ඩාර