හැටන් දික්ඔය නගර සභාවේ සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතාගේ උපදෙස් පරිදි ඊයේ (11) දින හැටන් නගරයේ විවෘත කර තිබු පිසු ආහාර අලෙවි කරන ආපන ශාලා අද (12) දින වසා දැමිමට හැටන් පොලීසිය කටයුතු කර ඇත.
කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග පනවා තිබු ඇදිරි නිතිය ඊයේ (11) දින ලිහිල් කර රට යථා තත්ත්වයට පත් කිරිමට රජය කටයුතු කර තිබියදි සෞඛ්‍ය අංශ විසින් පිසු ආහාර අලෙවි කරන ආපන ශාලා වසා දමන ලෙස සෞඛ්‍ය අංශ විසින් උපදෙස් ලබා දි තිබියදි හැටන් දික්ඔය නගර සභාවේ සභාපතිවරයා හැටන් නගරයේ සියලුම පිසු ආහාර අලෙවි කරන ආපන ශාලා විවෘත කරන ලෙසට ඊයේ (11) දින උපදෙස් ලබා දි තිබුණි.
තම නගර සභාවට පිසු ආහාර අලෙවි කරන ආපන ශාලා වසා දමන ලෙසට තම නගර සභාවට චක්‍රලේඛයක් ලැබි නොමැති බව පවසමින් හැටන් නගරයේ ආපන ශාලා විවෘත කිරිමට කටයුතු කර තිබුණි.
හැටන් මුලස්ථාන පොලීසිය මගින් හැටන් නගරයේ සිට ධාවනය වන සියලුම ලංගම සහ පෞද්ගලික බස් රථ වල රියදුරන්ට සෞඛ්‍ය අංශ විසින් ලබා දි ඇති උපදෙස් අනුව මගින් ප්‍රවාහනය කරන ලෙසටද උපදෙස් ලබාදෙනු ලැබිණ.