හැටන් පොලිස් වසමට අයත් දික්ඔය - මැණික්වත්ත ප්‍රදේශයේ තුන්වන කොටසේ වතු නිවාස පෙළක හටගත් ගිනි ගැනිමකින් එම නිවාස පේළියේ පිහිටි වතු කම්කරු නිවාස 07 ක් ගිනිගෙන විනාශ වු බව හැටන් පොලීසිය පවසයි.
නිවාස 20 න් සමන්විත මෙම ලැයින් කාමර පේළියේ මැද නිවසකින් හටගත් ගිනිගැනිම ව්‍යාප්ත වී තිබේ. ප්‍රදේශවාසින් එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කල නිසා නිවාස 7 ක් පමණක් විනාශ වී ඇති අතර අනෙක් නිවාස බෙරාගැනීමට හැකිවීය. ගිනි ගැනිම දහවල් 1.00 ට පමණ ආරම්භ වු මුත් විනාඩි 30 ක් පමණ කාලයකදී නිවා දැමීමට ඔවුන් කටයුතු කර තිබේ.
ගිනිගත් නිවාස වල පදිංචිව සිටි පුද්ගලයින් 89 කු එම තේ වත්තේ දේවස්ථානයේ තාවකාලිකව නවාතැන් ලබා දිමට වතු පාලන අධිකාරිය පියවර ගෙන ඇත. අවතැන්වුවන් සදහා පිසු ආහාර ලබා දිමට අඹගමුව කෝරළයේ ආපදා කළමණාකරන ඒකකය පියවර ගෙන ඇත.
ගිනිගැනිමට හේතුව විදුලි කාණ්දුවක් බවට සැක කරන අතර නිශ්චිත හේතුවක් අණාවරණය කර ගෙන නොමැත. හැටන් පොලීසිය පරික්ෂණ පවත්වයි.
හැටන් - චන්දන ජයවිර