හැටන් කොළඹ ඒ 7 ප්‍රධාන මාර්ගයේ රම්පාදෙණිය බදුපොල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට ඉහලින් තවත් විශාල ගල් කිහිපයක් ප්‍රධාන මාර්ගයට පෙරලිමේ අවදානමක් පවතින බව නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයේ ප්‍රධාන විධායක නිලධාරින් කේ.ඩි.බි.ආර්.දේවප්‍රිය මහතා පැවසිය.
අපදා කලමණාකරණ ඒකකය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ භුවිද්‍යාඥයින් සමඟ ඒ පිලිබදව (24) දින විමර්ශනයක් සිදු කල බවත්, එම නිලධාරින්ගේ උපදෙස් මත ප්‍රධාන මාර්ගයට පෙරලිමේ අවදානමක් සහිත ගල් කඩා ඉවත් කර ස්ථිර විසදුමක් ලබා දිමට කටයුතු කරන බවයි කේ.ඩි.බි.ආර්.දේවප්‍රිය මහතා කියා සිටියේ.
අද දින උදැසන 7 ට පමණ ප්‍රධාන මාර්ගයට විශාල ගලක් සමග ගල් තුනක් ප්‍රධාන මාර්ගය පෙරලුණු බවත් අද දින පස්වරු 5 පමණ වන විට ප්‍රධාන මාර්ගයට පෙරලි තිබු ගල් ආපදා කලමණාකරණ ඒකකය , ලක්ෂපාන යුධ හමුදා කදවුරේ භට පිරිස් , අඹගමුව ප්‍රාදේශිය , ගිනිගත්හේන පොලිසිය සහ ප්රදේශවාසින්ගේ සහයෝගය මත පුපුරවා කඩා ඉවත් කල බව නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයේ ප්‍රධාන විධායක නිලධාරින් කේ.ඩි.බි.ආර්.දේවප්‍රිය මහතා පැවසිය.
රම්පාදෙණිය ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට ගල් පෙරලිම නිසා අද දින පැය 10 ක පමණ කාලයක් එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පුර්ණයෙන්ම ඇණහිට තිබු අතර , දියගල , නෝටන්බ්‍රිජ් , ලක්ෂපාන , කළුගල මාර්ගය විකල්ප මාර්ගයක් වශයෙන් භාවිතා කෙරිණ.