හැටන් කොළඹ ඒ 7 ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන රම්පාදෙණිය බදුපොල ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට විශාල ගලක් පෙරලිමෙන් ඇණහිට තිබු එම මාර්ගයේ ගමනාගමන කටයුතු (24) දින පස්වරු 5 සිට යලි යථා තත්ත්වයට පත් කෙරිණ.
අද දින උදැසන 7 ට පමණ එම මාර්ගයට විශාල ගලක් පෙරලිමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන්ම ඇණහිට තිබු අතර , ගිනිගත්හේන ප්‍රදේශයට පැවති දැඩි අයහපත් කාලගුණයත් සමග පැය 10කට පසු එම මාර්ගයේ ගමනාගමනය යලි යථා තත්ත්වයට පත් කෙරිණ.
ප්‍රධාන මාර්ගයට පෙරලි තිබු ගල නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයේ නිලධාරින් විසින් දෙදරුමක් ඇති නොවන සේ ගල කොටස් වශයෙන් පුපුරවා ඉවත් කිරිමෙන් අනතුරුව එම මාර්ගයේ ගමනාගමනය යලි යථා තත්ත්වයට පත් විණ.
මාර්ගයේ ගමනාගමනය යලි යථා තත්ත්වයට පත් කිරිම සදහා ලක්ෂපාන යුධ හමුදා කදවුරේ භට පිරිස් , අඹගමුව ප්‍රදේශිය සභාව ,ගිනිගත්හේන පොලිසිය සහ ප්රදේශවාසින්ගේ සහයෝගය ලැබි තිබුණි.
ප්‍රධාන මාර්ගයට පෙරලුණු විශාල ගල සමග තවත් ගල් කිහිපයක් ප්‍රධාන මාර්ගයට පෙරලි තිබුණි.
ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය ඇණහිටිමත් සමග එම මාර්ගයේ ගමනාගමන කටයුතු දියගල, නෝටන්බ්‍රිජ් , ලක්ෂපාන , කළුගල මාර්ග ඔස්සේ සිදු කෙරිණ.