හෙට දිනයේ සිටද මංතීරු නීතිය ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවැසීය.
ඒ අනුව දිනපතා උදෑසන 6.00 සිට පෙරවරු 9.00 දක්වාත් සවස 4.00 සිට රාත්‍රී 8.00 දක්වාත් මංතීරු නීතිය ක්‍රියාත්මක බව ඔහු සඳහන් කළේය.
මංතීරු නීතිය කඩ කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් මංතීරු නීතිය ක්‍රියාත්මක කාල සීමාව තුළ අනතුරුවල අඩුවීමක් දක්නට ලැබුණ බවත් ඔහු සඳහන් කළේය.