හෙට රැස්වන පාර්ලිමේන්තු පළමු සැසිවාරයේදි නවක මන්ත්‍රීවරු 81 දෙනෙක් තේරි පත් වි තිබේ.
අභිනව පාර්ලිමේන්තුව සඳහා 2020 මහා මැතිවරණයේ ප්‍රතිඵලයට අනුව නවක මන්ත්‍රිවරයන් 65 ක් මහජන ඡන්දයෙන් තේරීපත්ව සිටී. මීට අමතරව සෑම පක්ෂයක්ම ලබාගත් සමස්ත ඡන්ද සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස ලැබෙන ජාතික ලැයිස්තුවේන් 16 ක් දැනට යෝජනා වී ඇත.
ජාතික ලැයිස්තුවෙන් නවක මන්ත්‍රිවරුන්ට ලැබෙන මන්ත්‍රී ධූර 16 බෙදී යනුයේපහත පරිදිය.
එයින් පාර්ලිමේන්තුව පළමු වරට නියෝජනය කරන නවක මන්ත්‍රිවරුන් 12 ක් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණෙන් සහ සමඟි ජන බලවේගයෙන්,ඉලංගෙයි තමිල් අරසු කචිචි , අහිල ඉලංගෙයි තමිල් කොංග්‍රසය, මෙන්ම ජාතික ජන බලවේගය නියෝජනය කරමින් එක් මන්ත්‍රිවරයකු බැගින් පත්ව සිටිති.
ඒ අනුව සමස්තයක් වශයෙන් දැනට නවවන පාර්ලිමේන්තුව පළමු වරට නියෝජනය කරන නවක මන්ත්‍රි සංඛ්‍යාව 81 කි.
එක්සත් ජාතික පක්ෂයට සහ අපේ ජනබල පක්ෂයටද ජාතික ලැයිස්තුවෙන් එක් මන්ත්‍රිවරයා බැගින් හිමි වූවද, එම නම් කිරීම් තවමත් සිදු කර නැති බැවින් හෙට පාර්ලිමෙින්තු සභා ගර්භයේ එම අසුන් හිස්ව පවතිනු ඇත.