හෙට (21) දිනයේ සංචරණ සීමාවන් ඉවත් කරන්නේ සීමාවන්ට යටත්ව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.
ඒ අනුව කාර්යාල සේවා සඳහා ගෙන්වා ගත හැක්කේ අවශ්‍යම අවම සේවක සංඛ්‍යාවක් බවත් නිවසේ සිට රාජකාරී කිරීමට හැකියාවත් තිබෙන පිරිස් එසේ සේවා සඳහා යොදා ගත යුතු බවත්පොදු ප්‍රවාහන සේවාවලදී ආසන සංඛ්‍යාවට පමණක් මගීන් රැගෙන යා යුතු අතර සෑම පුද්ගලයෙකුම මුහුණු ආවරණයක් පැලඳ සීටීම අනිවාර්ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේය.
සාද, විනෝද ගමන්, චාරිකා, වන්දනා ගමන් සඳහා අවසර හිමි නොවන බවත් පොදු ස්ථානවල සමූහ ලෙස ගැවසීම නොකළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් සඳහන් කර සිටියේය.